Thursday, April 25, 2024

General line - 0115112241

කණ්ඩායමේ එකොළහම එකා වගේ ඉන්නවා! ගැටළුවක් නැහැ!




ඉන්දීය කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ දී නායකත්ව වගකීම සාර්තකව ඉටු කිරීමට සූදානම් බව චාමර කපුගෙදර පවසනවා. උපුල් තරංගට පනවා ඇති තරග තහනම හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන ඉදිරි තරග දෙක සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චාමර කපුගෙදර වෙත පැවුරුණා. පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වෙන තරගය පිළිබඳ චාමර කපුගෙදර අද පැවති මාධ්‍ය හමුකදී අදහස් දැක්වූවා. 

නායකත්වය දරන එක ලොකු අභියෝගයක් බව පැවසූ ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා එම අභියෝගය බාර ගන්නා බවයි. මේ වනවිට ඇති එකම අරමුණ ඉදිරි තරගය ජය ගැනීම බව ඔහු පවසනවා. එය ජයග්‍රහණය කරා යන ගමනේ පළමු වියවර බවයි ඔහු සඳහන් කළේ.

මෙහි දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් චාමර කපුගෙදර වැඩිදුරටත් කියා සිටියේ සිය කණ්ඩායම තුළ කිසිදු ගැටළුකාරී තත්ත්වයක් නොමැති බවයි. 

“මම හිතන්නෑ සංචිතයේ ලොකු වෙනසක් වුණයි කියල. කණ්ඩායමේ එකොළහම එකා වගේ ඉන්නවා.“ යැයි ඔහු එහිදී පැවසුවා.