Saturday, April 20, 2024

General line - 0115112241

විජයදාස ඉවත් කිරීමෙන් සතුටු වෙන්නේ උගතුන් ලු




අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් විජයදාස රාජපක්ෂ ඉවත් කිරීම මෙරට විද්වතුන් ඇතුළු බහුතර උගත් ප‍්‍රජාව අනුමත කරන බව  අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.

ගලගෙදර ප‍්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ නීතීඥවරුන් ඇතුළු පාර්ශ්වවලින් එල්ල වන විවේචන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට අමාත්‍යවරයා ප‍්‍රතිචාර දක්වමින් වැඩි දුරටත් සඳහන් කළේ වත්මන් රජය ලබා දී තිබූ ඡන්ද පොරොන්දුවක් වූ දූෂිතයන්ට දඬුවම් කිරීමේ කාරණාව ප්‍රමාද වී තිබුණේ විජයදාස රාජපක්ෂ නිසා බවයි.