Thursday, April 25, 2024

General line - 0115112241

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකලහොත් දැඩි තීරණයක් ගන්නා බව උතුරෙන් කියයි




දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකලහොත් ඉදිරියේ දී දැඩි තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසනවා.

ඔහු පැවසුවේ ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප‍්‍රමුඛ පළාත් සභාව නියෝජනය කරන සියලුම දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරුන් සමග මේ පිළිබඳ ඉදිරියේ දී සාකච්ඡා කරන බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට රජය සමග සාකච්ඡා පැවැත්වුව ද ඊට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි ඔහු කියා සිටියේ.

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා සිදු කරන උපවාසයට ද දින 200කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.

එහෙත් ඊට ද රජය අවධානය යොමුකර නොමැති බවයි එම්.කේ. සිවාජිලිංගම් පවසන්නේ. දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබා ගැනීමට දෙමළ දේශපාලන නියෝජිතයින් එක්විය යුතු බවයි යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම්.කේ. සිවාජිලිංගම් වැඩි දුරටත් කියා සිටියේ.