Wednesday, April 24, 2024

General line - 0115112241

තලතා නඩු දාන තෙක් මහින්ද බලා සිටී




නව අධිකරණ අමාත්‍යවරිය ලෙස දිවුම්රුම් දුන් තලතා අතුකෝරල සිය කාර්ය භාරය සිදු කරන ආකාරය පිළිබඳ අවධානයෙන් බලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෝදර ශ‍්‍රී වෙන්කටේෂ්වර් මහ විශ්ණු දේවාලයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරව ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ "දැන් කලින් හිටිය අධිකරණ ඇමතිවරයාව අයින් කළේ..අපිට නඩු දාන්නේ නෑ...අධිකරණයට බලපෑම් කරන්නේ නෑ..නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්නේ නෑ..වගේ කරුණු කියලා නේ. ඉතින් දැන් ඉන්න කෙනාට මේ සේරම කරන්න වෙයි." යනුවෙනි.