Friday, April 19, 2024

General line - 0115112241

"ජාතික ආණ්ඩුවේ සිටියත් ආණ්ඩුව කරන වැරදි ප්‍රසිද්ධියේ විවේචනය කරනවා"




සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අදහස් පල කරමින් මාතර වැලිගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී සඳහන් කළේ දූෂණ හොරකම් කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් නම් ඔහුට විරුද්ධව විශ්වාසභංගයකදී සිය පක්ෂය ඡන්දය ලබා දෙන බවයි.

එහෙත් රාජිත සේනාරත්න ඇමතිවරයාට එවැනි චෝදනාවක් නැති බවත් එක එක්කෙනාගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට වත්මන් ආණ්ඩුව තුළ ඉඩක් නොමැති බවත් සඳහන් කළා.

ජාතික ආණ්ඩුවේ සිටිය ද ආණ්ඩුව කරන වැරදි ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට දින නියම කර පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ විවාදය සිදු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පවසනවා.

එහිදී සැගවුණු බොහෝ දේ ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවයි ඔහු කියා සිටියේ.

කොලොන්නේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.