Tuesday, April 23, 2024

General line - 0115112241

තිස්ස එජාපයෙන් එනවලු




එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස තමන් සිය දේශපාලන ගමන යළි ආරම්භ කරන බව එහි හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා.

ගෙලිඔය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

තමන්ට දේශපාලනික වශයෙන් තීරණයක් ගැනීමට තවමත් අවස්ථාව තිබෙන බවයි ඔහු එහි දී කියා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් මහින්ද රාජපක්ෂට සහය දුන්නාය කියන කාරණය පදනම් කරගෙන තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තල්ලු කිරීම අසාධාරණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.