Thursday, April 25, 2024

General line - 0115112241

කැරළි මර්දන එ්කක සහ ජල ප‍්‍රහාරක රථ ක්‍රිකට් පිටියට - ශ්‍රී ලංකාව ඉදිරියේ තරගබිමට පිවිසෙන්නේ මෙලෙසයි 

කසුන් කැලුම්




ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරග දෙකේ සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේ ආරක්ෂාව දැඩි කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

එ්, කි‍්‍රකට් ආයතනයේ පැවති සාකච්ඡාවකින්  අනතුරුවයි. 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා සහ එහි ප‍්‍රධාන ආරක්ෂක කළමනාකරු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල් සරත්චන්ද්‍ර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

රංගිරි දඹුලූ කී‍්‍රඩාංගණයේදී සහ පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී කී‍්‍රඩා ලෝලීන් පිරිසක් නොසන්සුකාරී ලෙස හැසිරීම නිසා මෙම තරගවලට දැඩි ආරක්ෂාවක් යෙදවීමටයි මෙහිදී තීරණය කෙරුණේ. 

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සිවුවන එක්දින තරගය ලබන 31 වැනිදා සහ පස්වන එක්දින තරගය ලබන සැප්තැම්බර් මස 03 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 

දෙරට අතර පන්දුවාර විස්ස තරගය ලබන සැප්තැම්බර් මස 6 වැනිදා එම කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. 

මෙම තරග තුන නැරඹීම සඳහා වැඩි පේ‍්‍රක්ෂකයින් සංඛ්‍යාවක් පැමිණෙනු ඇති බවයි කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.  

කී‍්‍රඩකයන්ගේ ආරක්ෂාව සහ පේ‍්‍රක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තරග තුනේ දී ආරක්ෂක රැකවල් දැඩි කිරීමට මෙම සාකච්ඡාවේදී  තීරණය කෙරුණා. 

පොලිස් සහ යුද හමුදා නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් ආරක්ෂාවට යෙදවීමටද පියවර තිබෙනවා. 

යම් උණුසුම්කාරී තත්වයන් ඇති වුවහොත් එය විසුරුවා හැරීමට කැරළිමර්දන එ්කක සහ පොලිස් ජල ප‍්‍රහාරක රථද යෙදවීමටද පියවර ගෙන තිබෙනවා. 

පේ‍්‍රක්ෂකාගාර තුළ වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවීමටද මෙහිදී  තිරණය කෙරුණා. 

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටද තීරණය වී තිබෙනවා.