Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවම ඉල්ලා අස්වේ - තොරතුරු මෙන්න




ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (29) ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටු අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය  බාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති විවේචන හේතුවෙන් ඔවුන් මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා.

වත්මන් තේරීම් කමිටුව පසුගිය කාලයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද දැඩි විවේචනයකට ලක් වුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් මෙලස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

එම ලිපියට අනුව 2017 සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.