Thursday, April 18, 2024

General line - 0115112241

බත්තල නිසා ධීවරයින්ට රස්සාවත් නැති වෙයිලු

රාහුල් සමන්ත හෙට්ටිඅරච්චිචි - හම්බන්තොට




අම්බලන්තොට වැලිපටන්විල ධීවර වරාය තුළට බත්තල නැමති වැලි හාරන විශාල යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා ගෙනැවිත තිබීම නිසා ධීවර වරායට දැඩි බලපෑම් ඇති ව තිබෙන බව ධීවරයින් පවසනවා.

මීට දින දෙකකට පමණ පෙර මෙම යන්ත්‍රය ගෙනැවිත් ඇති අතර එදින සිට මේ දක්වා ධීවරයින්ගේ ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වූ බවයි ධීවරයින් පවසන්නේ.

අදාළ යන්ත්‍රය ධීවර වරායේ නතර කර තැබීම නිසා රළ පහර රළු වීම හේතුවෙන් ධීවර ‍බෝට්ටුවලට යාත්‍රා කිරීමට නොහැකි වීමත් ධීවර වරායේ වෙරළ දැඩි සේ ඛාදනය වීමත් සිදු වන බවයි ධීවරයින් චෝදනා කරන්නේ.

මෙහිදී අදහස් දැක්වූ ධීවරයින් වැඩි දුරටත් සඳහන් කළේ බත්තල නිසා වරාය මීටර 25ක් පමණ ගොඩවී ඇති බවයි. බත්තලට වදින රළ පහර දිය කඩනයට වැදී ඊටද හානි සිදුව ඇති බවත් පැවසුවා.