Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දීය - ශ්‍රී ලංකා දෙපිළ ප්‍රේමදාස පිටියේ අද හමුවෙයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (31) පැවැත්වෙනවා.

දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරග 5කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 3ට 0ක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වන විටත් ජයගෙන අවසන්.

අද තරගයේදී ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. මේ අතර අද තරගය සඳහා වැඩි ආරක්ෂාවක් ද යොදා තිබෙනවා.

පොලිස් නිලධාරීන් දහසක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද ආරක්ෂාවට යොදවා ඇති බවයි පොලිසිය කියා සිටියේ. ක‍්‍රීඩාගාර තුළ සහ ඉන් පිටත සී. සී. ටී. වී. කැමරා ද සවිකර තිබෙනවා.

දඹුල්ලේ සහ පල්ලෙකැලේ දී ඇතැම් ක‍්‍රීඩා ලෝලීන් නොසන්සුකාරී ලෙස හැසිරීම අද තරගය සඳහා වැඩි ආරක්ෂාවක් යෙදීමට හේතු වුණා.