Friday, April 19, 2024

General line - 0115112241

සිය වගකීම ඉටුකරන්න බැරිනම් වෙනත් ක්‍රීඩකයන්ට ස්ථානය දෙන්න - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි



මේ දිනවල ප්‍රබල මාතෘකාවක් බවට ලක්ව ඇති ක‍්‍රිකට් අර්බුදය පිළිබඳ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (30) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඩ් වැඩසටහනින් ද සාකච්ඡා කෙරුණා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ඊට සහභාගි වුයේ එහි උප ලේකම් රවීන් වික‍්‍රමරත්නයි.

වත්මන් යොවුන් ක‍්‍රීඩකයින් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල පරාජයන්ට ලක්වීමට හේතුවක් බවයි ඔහු එහි දී කියා සිටියේ. 

සිය කණ්ඩායම වෙනුවෙන් සියයට සියයක් දායකත්වය ලබා දිය නොහැකි නම් වෙනත් ක‍්‍රීඩකයෙකුට එම ස්ථානය ලබා දීම සෑම ක‍්‍රීඩකයෙක්ගේම වගකීම බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ. 

ක‍්‍රිකට් අර්බුදය පිළිබඳව සාකච්ඡා කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.