Saturday, April 20, 2024

General line - 0115112241

ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචියට අතිරේක අවස්ථාවක්




2017 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවීම සදහා තොරතුරු ලැබීමේ අඩුවක් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

විශේෂයෙන්ම කොළඹ දිස්ති‍්‍රක්කයේ සහ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල මෙම තත්ත්වය නිරීක්‍ෂණය වන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

පුරවැසියන්ගේ උනන්දුව අඩුවීම, අදාළ ගණන් කිරීමේ ආකෘති නියමිත දිනට භාරදීමට නොහැකිවීම හෝ ඉකුත් දිනවල ඇති වූ ආපදා තත්ත්වයන් මීට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා. 

ඒ අනුව 2017 ඡන්ද හිමි නාමලේඛණයට ලියාපදිංචිවීම සදහා පුරවැසියන්ට අතිරේක අවස්ථාවක් ලබාදීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන්නේ. 

පළමුව දැනට ප‍්‍රකාශිත 2017 ඡන්ද හිමි නාමලේඛණයේ කෙටුම්පත පරීක්‍ෂා කර එහි තම ඇතුළත් දැයි තහවුරු කරගත යුතු වනවා. 

www.elections.gov.lk   වෙබ් අඩවියේ මෙම කෙටුම්පත ඇතුළත්. 

එහි තම නම ඇතුළත්ව නොමැති නම් අදාළ ඉල්ලීම ලබන 6 වනදාට පෙර දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාල වෙත හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරන ලෙස මෙහිදී ඉල්ලීමක් කෙරුණා.