Saturday, April 20, 2024

General line - 0115112241

රුපියල් 1000 ටිකට් 6000යි! දොරටුව අසළම වැඩි මිලට ටිකට් විකුණන ජාවාරම! (VIDEO)




ඉන්දීයාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරග දෙකේ සහ පන්දුවාර 20 තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර ඇතැම් පිරිස් වැඩි මිළට අළෙවි කරමින් සිටින බව නෙත් ස්පෝර්ට්ස්ට්මන් වෙත වාර්තා වනවා. ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව අසල සිටින ඇතැම් පුද්ගලයින් මේවා වැඩි මිළට අළෙවි කරන බවයි නෙත් ස්පෝට්ස්මන් අද උදෑසන එහි කළ නිරීක්ෂණයකදී අනාවරණ වූයේ.  

මේ වනවිට අද පැවැත්වෙන එක්දින තරගයේ සහ ඉරිදා පැවැත්වෙන පස්වන එක්දින ක‍්‍රිකට් තරගය සඳහා නිකුත් කළ ප‍්‍රවේශ පත‍්‍රවලින් වැඩි ප‍්‍රමාණයක් අළෙවි වී අවසන් බවයි ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. ලබන 06 වැනි දා පැවැත්වෙන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයේ සියලූම ප‍්‍රවේශ පත‍්‍ර ද මේ වනවිට අළෙවි වී අවසන් බව ක‍්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියා. ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය අසල සිටින ඇතැම් පිරිස් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර ඉතා අධික මිළ ගණන්වලට අළෙවි කරන බවයි වාර්තා වන්නේ. 

මේ අතර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2 .30ට ආරම්භ වීමට නියමිතයි. අද තරගයේ දී නිරෝෂන් දික්වැල්ල සමගින් දිල්ෂාන් මුණවීර ශ‍්‍රී ලංකා ඉණිම ආරම්භ කරනු ඇති බවයි වාර්තා වන්නේ. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී මේ දක්වා එක්දින තරග 104කට කී‍්‍රඩා කර තිිබෙනවා. ඉන් ශී‍්‍ර ලංකාව තරග 64ක් ජය ගත් අතර තරග 33ක් පරාජයට පත් වුණා. ආර් පේ‍්‍රමදාස පිටිය එක්දින තරග සඳහා ශී‍්‍ර ලංකාවට වාසිදායක කී‍්‍රඩාංගණයක් ලෙසයි සැලකෙන්නේ. මෙරට ක‍්‍රීඩාංගණ අතරින් එක්දින තරගවලදී ශී‍්‍ර ලංකාවට වැඩිම ජයග‍්‍රාහී ප‍්‍රතිශතයක් ඇති කී‍්‍රඩාංගණය වන්නේද ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයයි. ඉන්දීය කණ්ඩායමද ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 41කට කී‍්‍රඩා කර තිබෙනවා. ඉන් තරග 19ක් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. පරාජය වූ එක්දින තරග සංඛ්‍යාව 18ක්.

මේ අතර කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව එක්දින තරග 31කදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා. ශී‍්‍ර ලංකාව ඉන් තරග 15ක් ජය ගත් අතර තරග 13ක් ඉන්දීයාව ජය ගත්තා. ශී‍්‍ර ලංකාව අවසන් වරට කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කළේ 2009 වසරේදීයි. එම තරගයේදී සනත් ජයසූරිය ලකුණු 98ක් ලබා ගත් අතර ඇනජලෝ මැතිවිස් කඩුලූ 6ක් දවා ගනිමින් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කර රැගෙන ගියා.