Wednesday, April 10, 2024

General line - 0115112241

නාමල් රාජපක්ෂට රුසියාවේ යන්න අවසර!




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට විදෙස් ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අද (31) අවසර ලබා දුන්නා. ඒ, ඔහු ඇතුළු හය දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවක් අද කැඳවු අවස්ථාවේදීයි. ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගණුදෙනුවක දී මෙම මුදල් විශුද්ධිකරණය සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මීට පෙර අදාල සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 11 කින් යුත් අධි චෝදනා පත‍්‍රයක් කොළඹ මහාධිකරණය විසින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට භාර දී තිබෙනවා. කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා කළ ඉල්ලීමකට අනූව ඔක්තෝබර් මස 14 වැනි දා සිට 21 වැනි දා දක්වා කාලය තුළ රුසියාවේ සංචාරය කිරීමට අධිකරණය මෙහි දී අවසර ලබා දුන්නා.