Thursday, April 18, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය අද පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා. එම පනත් කෙටුම්පත ඉකුත් දා  පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එ් අනුව අදාළ පනත මැතිවරණ කොමිසම වෙත යොමු කරනු ඇති. 

ඒ අනුව මැතිවරණ කොමිසමට අදාල මැතිවරණය පැවැත්වීම කඩිනමින් කළ හැකි වනවා.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ දෙසැම්බර් මස 09දාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවය.

මෙම පනත සම්මතවීම ප්‍රමාද වීම හේතුවෙන් දිවයිනේ සියලූම පළාත් පාලන ආයතන මේ වනවිට පවතින්නේ විශේෂ කොමසාරිස්වරයකුගේ පාලනයට යටත්වය.