Friday, March 29, 2024

General line - 0115112241

ජනපතිගේ සංහිඳියා වැඩපිළිවෙලට අමෙරිකානු රජයෙන් පැසසුම්




රට තුළ සංහිදියාව ගොඩනැගීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධන වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් පියවරවල ප‍්‍රතිපල අතිශ්‍යයින් ප‍්‍රශංසනීය බව අමෙරිකානු වැඩපබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් පවසනවා.

ඇය කියා සිටියේ නොයෙකුත් විවේචන සහ අභියෝග හමුවේ ජනාධිපතිවරයා ගෙන ඇති මෙම ඓතිහාසික පියවරයන් සඳහා අමෙරිකාවේ අඛණ්ඩ සහය හිමි වන බවයි. ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ ඇය මේ බව කියා සිටියා. යුක්තිය සහ සාධාරණත්වය ,ව්‍යවස්ථා සංශෝධනය යනාදී සෑම කේෂ්ත‍්‍රයක් තුළම මේ වනවිට ශ‍්‍රී ලංකා ප‍්‍රගතියක් ලබා ඇති බවයි අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙහි දී සඳහන් කර ඇත්තේ. නුදුරේදීම ශ‍්‍රී ලංකාවට ලබා දෙන ආධාර ඉහළ නැංවීමට කටයුතු කරන බව ද ඇය මෙහි දී කියා සිටියා.

මෙහි දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ සංහිදියා වැඩ පිළිවෙලේ ප‍්‍රතිපල වේගවත් නොවූව ද එය ස්ථීර අරමුණක් කරා සාර්තකව ඉදිරියට ගමන් කරමින් සිටින බවයි.