Thursday, April 25, 2024

General line - 0115112241

ලාංකිකයකු ලෙස පෙන්වමින් සිටි ඉන්දියානුවෙක් එරට පොලිස් අත්අඩංගුවට!




මෙරට අමාත්‍යවරයෙකුගෙන් මිලදී ගත් බව කියන වාහනයක් භාවිත කරමින් ශ‍්‍රී ලාංකික රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි ඉන්දීය ජාතිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 40ක් වන මෙම ඉන්දීය ජාතිකයා නිකී මල්හෝත‍්‍රා නමැත්තෙක්. 

අදාළ වාහනය ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේ ලියාපදිංචි වී තිබෙනවා. ඒ අනුව ඊට විශේෂ අංක තහඩුවක් යොදා තිබුණු අතර  සැකකරු එම වාහනය මිලදී ගත් පසුවත් එම විශේෂ අංක තහඩුව ඉවත් කර නැහැ. කෙසේ වෙතත් සැකකරු අදාළ වාහනය මිල දී ගත් පසු ඊට නව අංක තහඩු සහ නව බලපත‍්‍රයක් නිකුත් කර තිබුණා. එසේ තිබියදීත් සැකකරු මුල් අංක තහඩුව ඉවත් කර නොමැත්තේ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකුට හිමි විශේෂ වරප‍්‍රසාද ලබා ගැනීමේ අදහසින් බවටයි පොලිසිය සැකකරන්නේ. ඔහු රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරන බව හින්දු පුවත්පත වාර්තා කරනවා.