Thursday, April 25, 2024

General line - 0115112241

රතු කට්ටට ඔන්න මෙන්න! ශ්‍රී ලනිපය කියයි!




රතු කට්ට පැනීමට දැන් අත්‍යාසන්න වී ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. ඒ අනුව වෙනත් දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් යටතේ මාධ්‍ය හමු පවත්වන හෝ වෙනත් කටයුතු සිදු කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ඉදිරියේ දී සිදු වන බවයි ඔවුන් අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

 

“ජනාධිපති තුමා ඇතුළු අපි හැමෝම බලන්නෙ මේක කඩල වෙන් කරන්න නෙවෛයි. එකතු කරගන්න. ඒ උත්සාහය එදත් දැරුව, අදත් දරණව, හෙටත් දරණව, උත්සාහය අතහැරල නැහැ තවම. දැන් ඒකෙ අවසාන මට්ටමට ඇවිත් තියෙන්නේ. රතු කට්ට පනින්න ළං වෙලා තියෙන්නෙ. දැන් අපිට ගැලවුමක් නැති වෙලා තියෙනව. වෙනත් පක්ෂවල බැනර් ගහගෙන මාධ්‍ය සාකච්ඡා පවත්වනව. ඒ පක්ෂ සඳහා සාමාජිකයින් බඳවගන්නව. ඒ අය වෙනුවෙන් තීරණයක් ගන්න වෙනව. “

 
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් පිළිබඳව ද මෙහිදී අදහස් පළ වුණා. ඔහු පැවසූවේ එම පක්ෂයේ පළමු දෙවන සාමාජිකයින්වත් පිරිසිදු අයදැයි බලන ලෙසය.