Saturday, April 20, 2024

General line - 0115112241

රසායන විද්‍යා ප්‍රශ්නපත්‍ර හොරකමට සැක සිසුවාට විභාගය ලියන්න අවසර




අධි තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය පිට කළ බවට චෝදනා ලබා සිටින සිසුවා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අද ඉල්ලීමක් කළා. ඒ, උසස් පෙළ විභාගයේ ලබන 04 වනදා පැවැත්වෙන ප‍්‍රශ්න පත‍්‍ර සඳහා පෙනී සිටීමට අවසර ලබාදෙන ලෙසයි. සැකකාර සිසුවාගේ නීතිඥවරුන් මෝසමක් මගින් අධිකරණයෙන් මෙම ඉල්ලීම කළ බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා.

ඒ බව සැලකිල්ලට ගත් ගම්පහ මහේස්ත‍්‍රාත් ඞී ඒ රුවන් පතිරණ අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සැකකාර සිසුවා රඳවා සිටින මහර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙසයි. ලබන 04 වනදා මෙම නඩුව නැවත කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එදින විභාගයට පෙනී සිටීමට සැකකාර සිසුවා සහභාගී කරවන්නේ නම්, අනතුරුව නඩු විභාගය ස`දහා ද ඔහු ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබෙන්නේ.