Thursday, April 18, 2024

General line - 0115112241

නෙත් නිව්ස් හෙළිදරව්වෙන් කම්කරු අමාත්‍යංශයේ දීමනා කැපිල්ල අත්හිටුවෙයි




කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත නිලධාරීන්ගේ අතිකාල සහ ගමන් වියදම් සියයට 50කින් කපා හැරීමට ගනු ලැබ තිබූ තීරණය වහාම අත්හිටුවා තිබෙනවා. අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න පැවසුවේ අදාළ අතිකාල සහ ගමන් වියදම් ගෙවීමට වෙන්කර ගත් මුදල් ප‍්‍රමාණවත් නොවන්නේ නම්, භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ලබාගෙන හෝ නියමිත දීමනා සේවකයින්ට ලබාදිය යුතු බවයි. 

මෙම අමාත්‍යංශයට අනුයුක්ත නිලධාරීන්ගේ අතිකාල සහ ගමන් වියදම් සියයට 50කින් කපා හැරීමට තීරණය කර ඇතැයි නෙත් නිවුස් අද උදෑසන 06.25 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනාවරණ කළා. ඒ කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත්තේ ඉන් අනතුරුවයි.