Friday, March 29, 2024

General line - 0115112241

හාවි සුළි කුණාටුව රසායනික කම්හලක් පුපුරවයි




අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයට බලපා ඇති හාවි සුළි කුණාටුවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් රසායනික කම්හලක් පුපුරා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ කම්හලේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවයි.

විෂ වායු ආග‍්‍රහණය වීම හේතුවෙන් කම්හලේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරියෙකු ද රෝහල්ගත කර තිබෙනවා. සිසිලන පද්ධතිය සම්පූර්ණයෙන් අක‍්‍රීය වීම හේතුවෙන් අදාළ කම්හල පුපුරා යා හැකි බවට බලධාරීන් මීට පෙර අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.