Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්ටර්නෙට් පාරිභෝගිකයින්ට වාසියක්! අද සිට 10%ක ඩේටා වැඩිවෙයි!




අන්තර්ජාල භාවිතය වෙනුවෙන් මෙතෙක් අය කෙරුණු සියයට 10ක විදුලි සංදේශ බද්ද අද සිට ඉවත් කෙරෙනවා. සියලූ අන්තර්ජාල සේවා සැපයුම් ආයතන දැනටමත් මේ පිළිබඳ දැනුවත් කර තිබෙන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ. 

සේවා සැපයුම් සමාගම් අමතර සියට දහයක් ඩේටා එකතු කිරීමට එකඟ වූ බවද අමාත්‍යවරයා පවසනවා.

අඩු පිරිවැයකින් පහසුවෙන් අන්තර්ජාලය භාවිත කිරීමට මේ නිසා ග‍්‍රාහකයින්ට හැකිවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.