Saturday, April 20, 2024

General line - 0115112241

ඇමසන් වනයෙන් නව ජීවීන් 381ක් මතුවෙයි!




නව ජීව විශේෂ 381ක් ඇමසන් වනාන්තරයෙන් හමු වී තිබෙනවා. වසර 02ක් පමණ තිස්සේ සිදු කෙරුණු අධ්‍යයනයකින් මෙම ජීව විශේෂ හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ශාක විශේෂ 216ක් ද මේ අතර වනවා.

මත්ස්‍ය විශේෂ 93ක්, උභය ජීවින් විශේෂ 32ක්, ක්ෂීරපායි විශේෂ 20ක් උරග විශේෂ 19ක් සහ පක්ෂි විශේෂයක් ද හමු වී ඇති නව ජීව විශේෂවලට අයත්.

මෙම ජීව විශේෂ වැඩිම ප‍්‍රමාණයක් හමු වී ඇත්තේ ඇමසන් වනාන්තරයේ මානව ක‍්‍රියාකාරකම් නිසා තර්ජනයට ලක්වූ ප‍්‍රදේශවලින් බවද විදෙස් වාර්තා කියා සිටියා.