Saturday, April 20, 2024

General line - 0115112241

කැන්ගරු පුහුණු තරගයේ අවසන් දිනය අද




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර තුන්දින පුහුණු තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ (19) තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවි ලකුණු 431 ක් රැස්කර සිටියා. ඒ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු 229 ට පිළිතුරු ලෙසයි.

ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජෝ බර්න්ස් ලකුණු 72 ක් රැස් කළ අතර ස්ටීව් ඕ කෙෆී නොදැවී ලකුණු 62 ක් රැස්කර සිටියා. පන්දු යැවීමේදී ෂෙහාන් ජයසූරිය ලකුණු 109 කට කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත් වුණා.

247639.3