Thursday, March 28, 2024

General line - 0115112241

පුංචි උදෑසන හා කලබල පැංචා සමගින් දරුදැරියන් ගිය කොළඹ සවාරියේ ඡායාරූප




නෙත් එෆ් එම් රේඩියෝවේ  පුංචි උදෑසන හා කලබල පැංචා වැඩසටහන් මගින් සංවිධානය කරන "කළම්බෝ සිටි ටුවර්" චාරිකාව අද (02) දිනයේ අති සාර්ථකව පවත්වනු ලැබුවා. 

ශ්‍රී ලංකාවේ දුර පළාත් වල සිටින දරුදැරියන් රැසකට  කොළඹ ප්‍රදේශයේ සංචාරය කිරීමේ අවස්ථාව මෙමගින් උදාවිය. 

මෙම සංචාරයෙන් ගාලුමුවදොර පිටිය, කෞතුකාගාරය, ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් හා නෙලුම් පොකුණ වැනි ස්ථාන රැසක් දැකබලාගැනීමට දරුදැරියන්ට හැකිවුනා. 

නෙත් එෆ් එම් රේඩියෝවේ  පුංචි උදෑසන හා කලබල පැංචා වැඩසටහන් පැවැත්වෙන මැදිරියද දැක බලාගැනීමට අවස්ථාව ද මෙහිදී උදාවීම විශේෂත්වයක්.

නෙත් එෆ් එම් රේඩියෝවේ  පුංචි උදෑසන හා කලබල පැංචා වැඩසටහන් ශ්‍රවණය කරන දරුදැරියන්ට මෙම සංචාරය සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව උදාවුණා.

එම සංචාරයේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්