Friday, April 19, 2024

General line - 0115112241

33කට මරු කැඳවමින් ඉන්දියාවේ මහල් නිවාස සංකීර්ණයක් කඩාවැටේ




ඉන්දියාවේ මුම්බායිහි පිහිටි පැරණි මහල් නිවාස සංකීර්ණයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 33 දෙනකු මියගොස් තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ මෙම අනතුරින් 15 දෙනකුගේ දිවි ගලවාගෙන ඇති බවයි. 

නමුත් තවත් පුද්ගලයන් 10කට වැඩි පිරිසක් සුන්බුන් තුළ සිරවී ඇති බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක පළකරනවා. 

කඩාවැටුණු ගොඩනැගිල්ල වසර 110ක් පමණ පැරණි එකක්. 

එය අනාරක්ෂිත බැවින් ඉන් ඉවත්වන ලෙසට මීට වසර 6කට පමණ පෙර බලධාරීන් අනතුරු අඟවා තිබුණද ඇතැම් පුද්ගලයන් ඉන් ඉවත් වී තිබුණේ නැහැ. 

අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. 

මුම්බායි ප‍්‍රදේශයේ තවත් අනාරක්ෂිත ඉපැරණි ගොඩනැගිලි දහසය දහසක් පමණ දැනට හදුනාගෙන තිබෙනවා.