Friday, March 29, 2024

General line - 0115112241

රාජිතට ගෙනා විශ්වාස භංගයේ තාක්ෂණික දෝෂ! විවාදයට ගත හැකිදැයි සැකයක්




සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට හැකියාවක් ඇත්දැයි සොයා බැලීම සදහා කතානායකවරයා විසින් එම යෝජනාව නීති අංශ වෙත යොමුකර තිබෙනවා. එම විශ්වාසභංග යෝජනාවේ පවතින තාක්‍ෂණික ගැටලූ කිහිපයක් හේතුවෙන් කතානායකවරයා එලෙස නීති උපදෙස් ඉල්ලා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා වර්තමානයේ දරණ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට අදාළ නොවන චෝදනා කිහිපයක් අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත්ව තිබීම මීට හේතු වී ඇතැයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා. කිසියම් අමාත්‍යවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන්නේ නම් ඊට අදාළ විය යුත්තේ ඔහු විසින් දරණ අමාත්‍ය විෂය පථයට අයත් කරුණු පමණක් බවයි ඇතැම් නීතිවේදීන් පෙන්වා දී ඇත්තේ. ඒ අනුව ලබන අගහරුවාදා පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මේ පිළිබද වාර්තාවක් කතානායකවරයා වෙත භාරදීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා කතානායකවරයා විසින් ඉදිරියේදී පක්‍ෂ නායක රැුස්වීමක්ද කැදවීමට නියමිතව තිබෙනවා.