Friday, April 26, 2024

General line - 0115112241

හජ් සැමරුම අද




මෙරට ඉස්ලාම් බැතුමතුන් අද හජ් උත්සවය සමරනවා. සම්මත දින දර්ශනයට අනුව ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය ඊයේ දිනයට යෙදී තිබුණද සද දර්ශනයවීම අනුව එය අද දිනයේ සමරන බවයි ශී‍්‍ර ලංකා උලමා කවුන්සිලයේ සභාපති මුබාරක් අබ්දුල් මජීඞ් මවුලිතුමන් පැවසුවේ.

මානව ඉතිහාසයේ ඈත යුගවල මිනිසා සමුහිකව එක්රැස්වුයේ ආගමික වතාවත් උදෙසා බවත් යුග ගණන් ඇවෑමෙන් වර්ථමානයේදීද තමන් අදහන ආගම් සමග බැදී පවත්නා ඔවුහු ස්වකීය ආගමට අනන්‍ය වූ වත්පිළිවෙත් රැකීමට සාමුහිකව කැපවන බවත් හජ් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ලක්‍ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් හජ් වන්දනාවේදී එකට එක්ව එකම අරමුණකට නතුව එකම භූමියක රැස්වන්නේ මනුෂ්‍යත්වයේ සාමුහිකත්වය උත්කර්ශවත් කරමින් බවද එම නිවේදනයේ සදහන්. මෙම ආගමික පිළිවෙත තුළින් විශ්ව ප‍්‍රජාවට සන්නිවේදනය කරනුයේ සමාජීය සහජීවනයේ මහිමය බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 


එලෙස මනුෂ්‍යයන් අතර සමානාත්මතාව සජීවිකරණය කරනු ලබන ශුද්ධ වූ මක්කා භූමිය කේන්‍ද්‍ර කර ගනිමින් ලොවට ගලායන උතුම් පණිවිඩය තුළ රැුදි අරුත ගරුකරමින් හජ් වතාවත් සිදුකරන ඉස්ලාම් බැතිමතුන්ට සහ ලෝකවාසී සමස්ත මුස්ලිම් ප‍්‍රජාවට උතුම් ඊදුල් - අල් හා උළෙලක් වේවායි සුභාෂිංශන පිරිනමන බවද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ සදහන්.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද හජ් උත්සවය වෙනුවෙන් සුභාෂිංශන පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ලොවපුරා මුස්ලිම් ජනතා ඇති - නැති, උගත් - නූගත් භේදයකින් තොරව මක්කම පූජා නගරයට ඒකරාශිව ආගමික පිළිවෙත් ඉටුකරන හජ් උත්සවය ඉස්ලාම් ධර්මය තුළ මහත් හරසරින් සැමරෙන උත්තරීතර ආගමික පිළිවෙතක් බවයි එහි දැක්වෙන්නේ. එම අධ්‍යාත්මික වටිනාකම් ලොව වෙත ගෙනයන්නට ශක්තිය ධෛර්ය්‍ය ප‍්‍රාර්ථනා කරමින් අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට පී‍්‍රතිමත් ඊදුල් අල් හා උත්සවයක් වේවායි ප‍්‍රාර්ථනා කරන බවද අග‍්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුභාශිංෂන පණිවුඩයේ සදහන්.

විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ද මේ වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩ නිකුත් කර තිබෙනවා.