Thursday, April 25, 2024

General line - 0115112241

ගෝඨාභයට ජගත්ට ඇති චෝදනා ෆොන්සේකාට නැත්තේ ඇයි?




ජෙනරාල් ජගත් ජයසූරිය, ගෝඨාභය රාජපක්‍ෂ වැනි පුද්ගලයන්ට එල්ල කරන යුද අපරාධ චෝදනා ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට එල්ල නොවන්නේ ඇයිදැයි ගැටළු මතුවන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මේ බව කියාසිටියේ ජනරාල් ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඊයේ සිදුකළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්.

“2010 ජනාධිපතිවරණයෙදි මුළු දකුණම මහින්ද රාජපක්ෂ මහත්තයට ඡන්දය දෙද්දි බෙදුම්වාදීන්ගෙ ඡන්ද ලැබුණෙ සරත් ෆොන්සේකාටයි. ගෝඨාභය රාජපක්ෂට ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගෙද්දි සරත් ෆොන්සේකාට ලෝකයේ ඕනම රටකට යන්න පවා පුළුවන්. ඇයි එයාට ඒ චෝදනා නැත්තෙ? මේකෙන් පෙනෙන්නෙ බටහිරට ගැති නොවන රණ විරුවන්ට එල්ල කරන චෝදනාවක් විදියටම තමයි“

තමන් යටතේ සිටි නිලධාරීන්ට එරෙහිව ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශ අනුමත කළ නොහැකි බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල වැඩිදුරටත් කියාසිටියා.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය ඩිලාන් පෙර්රා පවසන්නේ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට රජය කිසිවෙකුටත් ඉඩ ලබානොදෙන බවය.

කෙසේවෙතත් ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඊයේ කියාසිටියේ ජෙනරාල් ජගත් ජයසූරිය යුද්ධය සමයේ සිදුවූ ඇතැම් අපරාධවලට වගකිව යුතු බැවින් ඊට අදාළව සාක්‍ෂි දීමට තමන් සූදානම් බවයි.