Friday, April 19, 2024

General line - 0115112241

රටින් ගේන හාල්මැස්සන්ගේ මිල සීමාව ඉවතට




වියළි හාල්මැස්සන් ආනයනය කිරීමේදී  පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය 30 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින්. පසුගිය ජනවාරි මස 27 වැනිදා නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයක් මගින් වියළි හාල්මැස්සන් ඇතුලූ භාණ්ඩ වර්ග 5කට උපරිම සිල්ලර මිලක් පැනවූවා.

ඒ එම මිලට වඩා වැඩියෙන් අදාළ භාණ්ඩ අලෙවිය වැළැක්වීම සඳහායි. එම ලැයිස්තුවට අනුව ආනයනික ඩුබායි හා තායිලන්ත වියළි හාල්මැස්සන් සඳහා රුපියල් 405 සහ රුපියල් 490 ක් ලෙසයි උපරිම සිල්ලර මිල පනවා තිබුණේ. නව ගැසට් පත‍්‍රයට අනුව ආනයනික තායිලන්ත හා ඩුබායි වියළි හාල්මැස්සන් සඳහා තවදුරටත් උපරිම සිල්ලර මිලක් අදාළ වන්නේ නැහැ.