Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා රජය ගරුත්වය දීම ගැන කැනේඩියානු අගමැති දමිළ සංසදයට කී කතාව

වසන්ත පිවිතුරු




වත්මන් ශ්‍රී ලංකා රජය මානව අවශ්‍යතාවයන් නිවැරදිව හදුනාගෙන මානව හිමිකම් කෙරෙහි ගරුත්වය ලබා දෙමින් කටයුතු කරන බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ඩෘඩෝ පවසනවා.

ඔහු පවසන්නේ වසර 30 ක කුරීරු යුද්ධය අවසන් කරමින් ලක් රජය සාමය අඛණ්ඩව පවත්වා ගෙනයාම සදහා කැපවී ක්‍රියා කරන බවයි.

එය වත්මන් රජය පැසසුමට ලක්කළ යුතු කරුණක් බව අවධාරණය කළ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා තවදුරටත් සහාය ලබාදෙන බව කියා සිටියා. 

කැනේඩියානු දමිළ සංසදය මගින් සංවිධානය කළ උත්සවයක් අමතමිනුයි කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ඩෘඩෝ මේ බව කියා සිටියේ.