Thursday, April 25, 2024

General line - 0115112241

මුහුණ පමණක් රෙදිකඩකින් වසාගත් හොරෙක් CCTV කැමරාවක සටහන් වෙයි




හලාවත - ඩී.එම් ද  සිල්වා මාවතේ පිහිටි නිවසකට නිරුවතින් ඇතුළු වන අයෙකු එම නිවසේ  තිබූ රපියල් ලක්ෂයක් පමණ වටිනා රන් ආභරණ සහ රුපියල් ලක්ෂ 1 1/2 ක මුදලක් සොරා විසින් රගෙන ගොස් ඇති බව නිවසේ හිමිකරු හලාවත පොලීසියට පැමිණිලි කර තිබෙනවා මුදල් සහ රන් ආභරණ සොරකම් කරන ආකාරය  සීසීටීවී දර්ශණ වල සටහන්ව තිබෙනවා.

මොහු 31 වැනිදා අළුයම නිවසට ඇතුළුව ඇති බවද සීසීටීවී දර්ශණ වලට සටහන්ව තිබෙනවා.

 සොරකම සිදු වන විට නිවසේ හිමිකරුවන්ද නිවස තුළ සිට ඇති අතර එක් අවස්ථාවක නිවසේ හිමිකරුද අවදිවී විදුලි පහන් ද දල්වනවා. එම අවස්ථාවේදී සොරා දිවගොස් සැගවෙන ආකාරයද ආරක්ෂිත කැමරා වල සටහන්ව තිබෙනවා.

රෙදි කඩකින් හිස ආවරණය කරගෙන බෑගයක් කරේ එල්ලා ගෙන නිරුවතින් සොරකම සිදු කර ඇත.