Friday, April 19, 2024

General line - 0115112241

කලාපීය ආරක්ෂාව වෙනුවෙන් අන්තර්ජාතිකව නැගි සිටිමු - ජනපති කියයි

වසන්ත පිවිතුරු




කලාපයේ සාමයට මෙන්ම සුරක්ෂිතතාවයට සහ ස්ථාවරත්වයට ඉන්දියානු සාගරයේ ආරක්ෂාව ඍජුවම සම්බන්ධ වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

සංහිදියාව, ආරක්ෂාව, සමගිය හා සහොදරත්වය වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් ක්‍රියා කිරිමට කැපවිය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

කොළඹ දී පැවැත්වෙන දෙවන ඉන්දියානු සාගර සම්මේලනයට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියා.

ඉන්දියානු සාගර කලාපයේ රටවල ප්‍රධාන ආර්ථික සම්පතක් වන සමුද්‍ර ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ප්‍රමුඛ අවධානයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා සිදු කළ කතාව පහළ වීඩියෝවෙන් නරඹන්න.