Thursday, April 25, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය විදේශ රටවල නාවික කේන්ද්‍රස්ථානයක් නොවන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

වසන්ත පිවිතුරු




හම්බන්තොට වරාය විදේශ රටවල නාවික කේන්ද්‍රස්ථානයක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

 

ශ්‍රී ලංකා මාතෘ භූමිය වෙනත් පාර්ශවයන්ගේ නාවික කටයුතු සදහා ලබාදීම අවශ්‍යතාවක් රජයට නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

 

කොළඹ පැවැත්වෙන දෙවන ඉන්දියානු සාගර සම්මේලනයට සහභාගි වූ ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ඊයේ අරලිය ගහ මන්දීරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

 

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

 

ශ්‍රී ලංකා වරායන් හා ග්‍රවන් තොටුපලවල කටයුතු සිදුකිරිමේ හැකියාව මෙරට හමුදාවවන්ට පමණක් හිමිවන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.