Friday, March 29, 2024

General line - 0115112241

මහින්ද සම්බන්දන් හමුවක්! මහින්දට ඉන්දියානු සංග්‍රහයක්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබෙනවා. ඒ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදීයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නායකයන් දෙපළ මෙම හමුවේදී මුහුණට මුහුණ සාකච්ඡා පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නායකයන් දෙපළ අතර මෙවැනි සාකච්ඡුාවක් පැවති ප‍්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයක්. නායකයන් දෙපළ අතර පැය භාගයක පමණ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබද සාකච්ඡා පවත්වා තිබෙනවා.

විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් වඩාත් පි‍්‍රය කරන ඉන්දියාවෙන් ගෙන් වූ මසාලා තේ පැන් සංග‍්‍රහයක්ද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඔහුට පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.