Saturday, April 20, 2024

General line - 0115112241

හෙට පැවැත්වෙන ශ්‍රීලනිප සමුළුවට හිටපු ජනපති එන්නේ නෑ




හෙට (03) පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 66 වන සමුළුවට තමන් සහභාගී නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

මෙයට සහභාගි වන ලෙස ඉල්ලමින් ඊට අදාළ ආරාධනා පත‍්‍රය ඊයේ දිනයේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරියෙකු විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසට භාරදීමද සිදුකෙරුණා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ 66 වන සමුළුව කොළඹ කැම්බල්පිටියේදී හෙට (03) පැවැත්වෙනවා.