Friday, March 29, 2024

General line - 0115112241

පාකිස්ථානයටත් චීනය එරෙහි වෙයි




පාකිස්ථානය සම්බන්ධයෙන් මෙවර බ්‍රික්ස් සමුළුවේ දී වැඩි අවධානයක් යොමු නොකළ යුතු බව චීනය පවසනවා.

පාකිස්ථානය අඛණ්ඩව ත්‍රස්තවාදීන්ට සහාය ලබාදෙන බැවින් ඔවුන් පිළිබදව අවධානය යොමු කිරිම අසාර්ථක ක්‍රියාවක් බවයි චීනය පෙන්වා දෙන්නේ.

නිරන්තරයෙන්ම පාකිස්ථානය අල්කයිඩා, තලෙබාන් වැනි ත්‍රස්තවාදීන් පෝෂණය කරන බවයි චීනය පවසන්නේ.

එය පාකිස්ථාන රජයේ අනුදැනුමෙන් සිදුවන බව ද චීනය කියා සිටියා. අවස්ථා රුසක දී මේ සම්බන්ධයෙන් පාකිස්ථාන රජය දැනුවත් කළ ද ඉන් කිසිදු ප්‍රයෝජනක් නොලැබුණු බව වාර්තාවනවා.

මේ අතර 9 වැනි බ්‍රික්ස් සමළුව හෙට (3) දින චීනයේ ෂ්‍යාමින් නගරයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.