Tuesday, April 16, 2024

General line - 0115112241

හෙට පැවැත්වෙන ශ්‍රීලනිප සමුළුවට පෙර පුහුණුවක් අද




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සම්මේලනය සඳහා පෙර පුහුණුවක් ද අද (02) සිදු කෙරුණා. 

ඒ, එම සම්මේලනය පැවැත්වීමට නියමිත බොරැල්ල කැම්බල් පිටියේදීයි. 

මේ අතර හෙට පැවැත්වෙන සිය 66 වන සම්මේලනය පිළිබඳ කරුණු දැක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද මාධ්‍ය හමුවක් ද පැවැත්වූවා. 

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ දේශපාලන පක්ෂයක බලය පෙන්වීමට ඔවුන්ගේ රැස්වීම් සඳහා සහභාගී වන ජන සංඛ්‍යාව ද වැදගත් සාධකයක් බවයි. 

හෙට පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සම්මේලනයට විශාල ජන සහභාගීත්වයක් ලැබෙනු ඇතැයි ද මෙහිදී විශ්වාසය පළ කෙරුණා.