Wednesday, April 24, 2024

General line - 0115112241

කෝට්ටේ අවසන් රන්දෝලි පෙරහැර සාර්ථකව නිම වෙයි (UPDATE)




ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (02) රාත්‍රියේ සාර්ථකව වීථි සංචාරය කෙරුණු බව පෙරහැර සංවිධායක කමිටුව පවසනවා. 

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ පැවැත් වුණු වාර්ෂික දළදා පෙරහැර සඳහා මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දුන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

 

-------------------------

කෝට්ටේ රන්දෝලි පෙරහැරේ අවසන් දිනය අදයි (PHOTOS)

(2017 - 09 - 02 19:25)

ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (02) රාත‍්‍රී වීථි සංචාරය කෙරෙනවා. 

පළමු රන්දෝලි පෙරහැර ඊයේ (01) රාත‍්‍රියේ වීථි සංචාරය කළා. 

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික දළදා පෙරහැර සඳහා මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.