Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රීලනිප සමුළුව නිසා කොළඹ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් 




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සම්මේලනය හේතුවෙන් කොළඹ බේස්ලයින් මාර්ගයේ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක බව පොලිසිය පවසනවා. 

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පෙරවරු 11.00 සිට එම රථ වාහන සැලැස්ම ක‍්‍රියාත්මක බවයි. 

ඒ අනුව බේස්ලියින් මාර්ගයේ ඉන්ද්‍රම් හංදිය හෙවත් කෙත්තාරාමයට හැරෙන හංදියේ සිට බොරැල්ල හංදිය දක්වා රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.

ඒ අනුව පෑලියගොඩ දෙස සිට බොරැල්ල දෙසට පැමිණෙන වාහනවලට විකල්ප මාර්ගයක් ලෙස ශ‍්‍රී සද්ධර්ම මාවත, මාලිගාවත්ත හරහා පංචිකාවත්තට පැමිණ මරදාන පාර ඔස්සේ බොරැල්ලට ළඟා විය හැකි වනවා. 

බොරැල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ගමන් කරන වාහනවලට මරදාන පාර, මරදාන පාලම හංදිය, ටෙක්නිකල් හංදිය, ශ‍්‍රී සංඝරාජ මාවත, මාලිගාවත්ත හෝ කොටහේන හා පෑලියගොඩට ළඟා විය හැකි බවයි පොලිසිය පැවසුවේ.