Friday, March 29, 2024

General line - 0115112241

හම්බන්තොට සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙකුට තුවාල (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට - මත්තල ගුවන්තොටුපළ මාර්ගයේ ගොන්නොරුව ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයට අයත් වෑන් රථයක් වන අතර ඔවුන් මත්තල ගුවන් තොටුපළට ගොස් නැවත කතරගම බලා යමින් සිටිය දී වෑන් රථයේ රියදුරුට නින්ද යෑම නිසා වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇත.

අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ හත් දෙනෙකු පමණ ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු හා රියදුරු ද ඇතුළුව පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.