Tuesday, April 16, 2024

General line - 0115112241

හදිසියේ නළයක් පුපුරා යෑමෙන් ජලය නවතියි - යළි ජලය ලැබෙන වෙලාව තවම කියන්න බැහැ




නළ මාර්ගයක ඇති වූ හදිසි පිරිපීමක් හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුව තිබෙනවා.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, පැලන්වත්ත, මත්තෙගොඩ, මීපේ, හෝමාගම, පාදුක්ක සහ රුක්මල්ගම යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු වෙනු ඇති.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ නළ ජලය යළි යතාතත්ත්වයට පත්වෙන වේලාව තවම ප්‍රකාශ කළ නොහැකි බවයි. බොහෝවිට අද පස්වරුව දක්වා අලුත් වැඩියා කටයුතු සිදු කිරීමට සිදුවිය හැකි බවත් සඳහන් කළා.

මේ පිළිබඳව වැඩි දුර තොරතුරු 1939 අංකයෙන් ලබා  ගත හැකියි.