Friday, April 26, 2024

General line - 0115112241

සෙනෙවි එපිටවත්ත අභාවප‍්‍රාප්ත වෙයි




ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු මෙන්ම භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකුද වන සෙනෙවි එපිටවත්ත මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 69ක්.

සෙනෙවි එපිටවත්ත මහතා නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේ ප‍්‍රධාන සම්පත් දායකයෙක්. උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ ඉකුත් ජුලි මස 10 වැනිදා ප‍්‍රචාරය වූ අන්ලිමිටඩ් වැඩසටහනටද ඔහු සහභාගී වුණා. 

සෙනෙවි එපිටවත්ත මහතාගේ දේහය අංක 103/ 27, සමරපාල පෙරේරා මාවත, බොරලැස්ගමුව ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

අවසන් කටයුතු හෙට (04) පස්වරු 4.30ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ සිදු කිරීමට නියමිතයි.