Wednesday, April 24, 2024

General line - 0115112241

වැස්ස මිලිමීටර් 75 ඉක්මවයි - නායයෑම් අනතුරු අඟවයි




ගතවූ පැය 24ක කාලය තුළ මිලි මීටර් 75 ඉක්මවූ අධික වැසි ඇති වූ බැවින් දිස්ත‍්‍රික්ක 03කට නාය යැමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කළුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත‍්‍රික්කවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි.

වර්ෂාව තවදුරටත් පැවතියහොත් බෑවුම් කඩා වැටිම්, පොළොව ගිලා බැසීම් සහ ගල් පෙරළිම් වැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි අදාළ අනතුරු ඇඟවීම් නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමු යන පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමිටර් 100 ඉක්මවන වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ව නිවේදනය කළා.

මේ අතර  මිහින්තලය, කන්නට්ටිය සහ රුවන්ගම යන ප‍්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 100කට පමණ අලාභ හානි සිදුව තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ විශාල ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි රැහැන්වලටද හානි සිදුව ඇති බවයි.