Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිඩා ලෝලීන්ගේ අවසන් බලාපොරොත්තුව අද




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැත්වෙනවා.

දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

උපුල් තරංග අද තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇති. දුෂ්මන්ත චමිරට හෝ මලින්ද පුෂ්පකුමාරට අද තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් දවාන් පෞද්ගලික කරුණක් හේතුවෙන් අද තරගයට සහභාගී වන්නේ නැහැ. ඒ අනුව, අජින්කෙයා රහනේ සමග රෝහිත් ශර්මා අද ඉන්දීය ඉණිම ආරම්භ කරනු ඇති.

තරග 05කින් සමන්විත මෙම තරගාවලිය මේ වන විට 4ට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය ගෙන සිටිනවා. 

මේ අතර, අද තරගය සඳහා ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රීයාත්මක බවයි පොලිසිය පැවසුවේ.