Friday, March 29, 2024

General line - 0115112241

"අද මාව එපා වෙලා" - ඉතිහාසය මතක් කරමින් මහින්ද කතා කරයි




තමන් සභාපති ධුරය දැරූ කාල සීමාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව මෙන්ම සියලු පළාත් සභා ද ජයග‍්‍රහණය කරවීමට තමන්ට හැකි වූ බවයි.

අදට යෙදෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66වන සම්මේලනය පිළිබඳ ගාල්ල රත්ගම ප‍්‍රදේශයේ ඊයේ (02) පැවති උත්සවයකට එක් වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. 

"ඒ දවස සැප්තැම්බර් 02 වැනිදා..එදා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගුවේ. එදා බණ්ඩාරනායක මහත්තයාත් එක්ක දකුණෙන් ගියේ රාජපක්ෂ මහත්තයා. එහෙම හදපු පක්ෂයට අද අපිව එපා වෙලා. මට මේ සම්මේලනය හෙට තියෙනවා කියලා ආරාධනාවක් එවනවා. අපිට වැඩ නැති මිනිස්සුනේ. මම සභාපති වෙලා හිටිය යුගය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය. චන්ද්‍රිකා ශ්‍රී ලංකා මන්ත්‍රිවරු 56යි මට භාර දුන්නේ. මම ඒක 128 ක් කරා. පළාත් සභා සියල්ල අපේ අතට අරන් තිබුණේ. ප්‍රාදේශීය සභා 90% විතර අපේ අතේ තමයි තිබුණේ." යනුවෙන් එහිදී සඳහන් කෙරුණා.