Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියා බිමේ සෙලවීම ජපානය තහවුරු කර ගනී - මෙහෙයුම වහාම නවතා දමන්නලු (UPDATE)




උතුරු කොරියාවෙන් අද (03) පෙරවරුවේ වාර්තා වූ භූ චලනය උතුරු කොරියාවේ 06 වන න්‍යෂ්ටික අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් බව ජපානය තහවුරු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ උතුරු කොරියාවේ 06 වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම වහාම නතර කළ යුතු බව ජපානය ප්‍රකාශ කරන බවයි. 

ජපාන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කරනවා.

මේ අතර උතුරු කොරියාවේ මෙම භූ චලනයට ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියාව වහාම සිය ආරක්ෂක කවුන්සිලය රැස් කිරීමටද පියවර ගෙන තිබුණා.

-----------------------------

උතුරු කොරියාව සෙල වේ - ලොව පුරා අලුත් සැකයක්

(2017 - 09 - 03 10:37)

 

උතුරු කොරියා භූමයේ විශාල කම්පන තත්ත්වයක් හට ගත් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

අමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ මෙම කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසට සටහන් වී ඇති බවයි. 

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් හටගත් එකක් බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ. 

මෙම කම්පනයත් උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකින් සිදුවු එකක් බවට ද සැක මතුවී තිබෙන බවයි බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මේ අතර හයිඩ්‍රජන් බෝම්බයක් ලෙස සැළකෙන බැලිස්ටික් මිසයිලයක රැදවිය හැකි වඩාත් දියුණු න්‍යෂ්ටික අවියක් තමන් නිෂ්පාදනය කර ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබුණා.