Saturday, April 20, 2024

General line - 0115112241

බස් - වෑන් අනතුරෙන් 11කට බරපතලයි (PHOTOS)

අශෝක එරමිනිගම්මන/කාංචන කුමාර ආරියදාස




දඹුල්ල මාතලේ මාර්ගයේ පන්නම්පිටිය ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් මිය ගොස් තවත් 11 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ වෑන් රථයක් සහ බස් රථයක්.

වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ පිරිසක් මෙලෙස බරපතල තුවාල ලබා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

තුවාලකරුවන් අතර කුඩා ගැහැණු ළමුන් 05 දෙනෙකුද වනවා.

අනතුරට ලක් වූ බස් රථය මහනුවර සිට අනුරාධපුරය දක්වා ගමන් කරමින් තිබූ එකක්. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.