Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දේශපාලනයට වඩා ‘’කොත්තුවට කැමති’’  විදෙස් අගමැති




කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ඩෘඩෝ ශ්‍රී ලංකාවට වඩාත් ප්‍රිය කරන පුද්ගලයෙකු බව  එරට මාධ්‍යයක් වාර්තා පළ කර තිබෙනවා. 

අනෙකුත් රටවල නායකයින් දේශපාන වාසි තකා ශ්‍රී ලංකාව සමග මිතුදම් ඇතිකර ගත්තද කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ඩෘඩෝ ඉන් වෙනස් වූ පුද්ගලයෙකු බවයි එම මාධ්‍යය සදහන් කර තිබෙන්නේ.

ඒ ඔහු මෙරට දේශපාලනයට වඩා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කරනු ලබන කොත්තු රොටි ආහාරයට ගැනීමට වඩාත් ප්‍රිය කරන බවයි පසුගියදා කැනඩාවේ සිටින ශ්‍රී ලාංකීකයන් පිරිසක් හමුවු අවස්ථාවේ දී පවසා ඇත්තේ.

තමන්ට අවශ්‍ය වූ අවස්ථාවල කැනඩාවේ පිහිටි ශ්‍රී ලංකා හෝටල්වලින් කොත්තු රොටි මිළ දී ගෙන ඩෘඩෝ ආහාරයට ගන්නා බව ද සදහන්.