Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානුවන්ට උතුරු කොරියානු සංචාර තහනම යළි සලකා බලන ලකුණු




අමෙරිකානු ජාතිකයින්ට උතුරු කොරියාවේ සංචාරය කිරීම වළක්වාලමින් අමෙරිකානු රජය විසින් පැනවූ  සංචාරක තහනම යළි සලකා බලන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

අමෙරිකානු රජයේ අදාළ තීරණය හේතුවෙන් විශාල වශයෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තර්ජනයක් එල්ල වී  ඇති  බවයි සංචාරක කර්මාන්තකරුවන් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම තීරණය පිළිබද යළි අවධානය යොමු කරන ලෙසයි සංචාරක කර්මාන්තකරුවන් ඇමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

ඔවුන්ගේ එම ඉල්ලීම සලකා බලන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් පැවසුවේ.

උතුරු කොරියාවේ සිරගතව සිට පැමිණි අමෙරිකානු ජාතික සිසුවෙකු මියයාම සහ උතුරු කොරියාව සමග පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් අමෙරිකානු රජය පසුගියදා මෙම පියවර ගනු ලැබුවා.

ඒ අනුව  මෙම මස 1 වන දිනට පෙර උතුරු කොරියාවේ සිටින අමෙරිකානුවන්ට යළි සිය රටට පැමිණිම සදහා අවස්ථාව ලබාදී තිබුණා.

මෙම මස 1 වන දිනට පසුව එම තහනම නොතකා කටයුතු කරන අමෙරිකානුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනිමට කටයුතු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණා.